විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් විසි දෙලක්ෂ අසුදහසක් වටිනා දුම්වැටි විසිපන්දහස් හත්සිය විස්සක් අඩංගු දුම්වැටි කාටුන් 123 ක් සැකකරුවන් රැගෙනවිත් ඇති බවයි රේගුව ප්රකාශ කළේ. ඩුබායි සිට ඕමානයේ මස්කට් වෙත පැමිණ මස්කට් සිට ඕමාන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙරටට පැමිණ ඇති බවට ද තොරතුරු හෙලිවුණා.
වැඩිදුර විමර්ෂණ ක්රියාත්මක බවයි රේගුමාධ්ය ප්රකාශක සුනිල් ජයරත්න මහතා ප්රකාශ කළේ.