ඉදිරි දින දෙක තුල වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ආපදා හේතුවෙන් පවුල් 4153 කට අයත් පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=DKh5ty3JzRY&feature=youtu.be&fbclid=IwAR3_Fa9gS83veutHwYx0aXoBEaTKKh_2KamiPpanbfdTtfIpxiJVBta_F3U”]
අධිකවර්ෂාවත් සමඟ වලපනේ මලපට්ටාව , ඉලුක්පැලැස්ස කන්ද නාය යාමෙන් මිය ගිය අයගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. එකම පවුලේ මව ,පියා සහ දියණියගේ සිරුරු මෙසේ මිහිදන් කෙරුණා. මිය ගිය දියණිය ලබන වසරේ උසස්පෙල විභාගයට පෙනී සිටීමටයි නියමිතව සිටියේ. මෙවර සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පුතුගේ සිරුර මෙතෙක් සොයාගෙන නැහැ. ඔවුන් පදිංචිව සිටි නිවස මුළුමනින්ම පසට යටවීමෙන් මෙම අනතුර සිදු වුණා.දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට රාජ්‍ය අමාත්‍ය සි.බී රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාද එක්ව සිටියා.
ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල්වැඩපොලක් නාය යාමට හේතුව බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධතාවකද නිරත වුණා.