චිලී රාජ්‍යයේ බස් අනතුරකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
චිලී රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස් රථයක් අඩි 98 ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදු වුණා. වංගු සහිත මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තට්ටු දෙකක සමන්විත බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ ඒ තුළ 40 දෙනෙකුට වැඩි පිරිසක් ගමන්කරමින් සිටියා. සිද්ධියෙන් තවත් 21 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් රෝහල්ගත කිරීමටයි පියවර ගැනුණේ.