දේශපාලනික ආධාර සම්බන්ධයෙන් නවසීලන්තය නව නීති පැනවීමට තීරණය කළා. ඒ අනුව මහා පරිමාණ විදෙස් දේශපාලන ආධාර සීමා කිරීම හා සමාජ මාධ්‍ය දැන්වීම් තහනම් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ලබන වසරේ පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කරගනිමින් තීරණයට එළඹි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සමාජ මාධ්‍ය මඟින් එල්ල විය හැකි බලපෑම් අවම කිරීමත් එහි අරමුණක්.