නීතිවිරෝධී පතල් කැනීම් කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළා.
කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙන්නේ කුරුවිට පොලිස් වසමේ ඒදණ්ඩවල ප්රදේශයේදීයි. ඔවුන් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදෙන බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.