ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර උද්‍යානයක පිපිරීමක්
Related Articles
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර උද්‍යානයක පිපිරීමක් සිදුව තිබෙනවා.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ජාතික ස්මාරක උද්‍යානයේයි මෙම පිපිරීම සිදුව තිබෙන්නේ. අද උදෑසන සිදු වූ මෙම පිපිරීමෙන් එම උද්‍යානයේ උදෑසන ව්‍යායාම සදහා පැමිණ සිට ආරක්ෂක අංශ භටයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. පිපිරීමත් සමග එම ප්‍රදේශය දුමාරයකින් වැසී ගිය බවද සදහන්. මෙම පිපිරීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජකර්තා ආරක්ෂක අංශ පවසන්නේ. එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා. මෙය අත්බෝම්බ ප්‍රහාරයක් බවට සැක කෙරෙනවා.