අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබද සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළ දයාසිරි ජයසේකර මහතා පීඩාවට පත් ජනතාව පිළිබද සොයා බැලුවා. වියළි ආහාර ලබාදීම ඇතුළු ඔවුන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබදවද ඒ මහතා කරුණු විමසුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ කුරුණෑගලට ලබා දී තිබූ නිවාස ව්‍යාපෘතියක් නතර කිරීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/4qIrhOfYB4Y”]