පිලිපීනයට කම්මූරි චණ්ඩ මාරුතය ඇතුළුවීම හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. ලූසෝන් දිවයිනෙනුයි චණ්ඩ මාරුතය පිලිපීනයට ඇතුළු වුණේ.
චණ්ඩ මාරුතයත් සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ජල ගැලීම් සහ නායයාම්ද සිදුවිය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා. කම්මූරි චණ්ඩ මාරුතය හේතුවෙන් මැනිලා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු ද තාවකාලිකව නතර කර තිබෙනවා. මැනිලා නුවර දී පසුගිය සෙනසුරාදා ආරම්භ වූ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේ ඉසව් කිහිපයක් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.