අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්රදේශවලින් ජනතාව ඉවත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීයි.
අයහපත් කාලගුණයෙන් දිස්ත්රික් 9 ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අවතැන් වූවන් සහ සිදු වූ විනාශයන් මෙන්ම එය වළක්වා ගැනිමට ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. අවතැන් වූවන්ට පිසූ ආහාර ලබා දීමට හා සනීපාරක්ෂක කටයුතු පිළිබද නොපමාව ක්රියා කරන ලෙසයි අග්රාමාත්යවරයා උපදෙස් ලබා දුන්නේ. පීඩාවට පත්වූවන්ට වියළි ආහාර ලබා දෙන ලෙස ද දැනුම් දුන්නා. ආපදාවට ලක්වූ දරුවන් පිළිබද විශේෂ අවධානය යොමුකර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙස ද අග්රාමාත්යවරයා නිලධාරීන්ට දන්වා සිටියා. මැතිඇමතිවරුන් සහ ත්රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ද සාකච්ඡාවට එක්ව සිටියා.