ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද හමුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපතිතුමා සමග සුහද කතාබහක නිරතවූ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිරිනැමුවා. මේ අතර චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කලාපයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන, වූ ජියැන්හාවෝ මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණා. වූ ජියැන්හාවෝ මහතා මෙරට හිටපු චීන තානාපතිවරයෙකු ද වනවා.