ශ්රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද මුණගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදීයී.
ශ්රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණගැසුණේ අද පෙරවරුවේයි. ජපන් තානාපති අකිරා සුගියාමා මහතාද අග්රාමාත්යවරයා අද මුණගැසුණා. ශ්රී ලංකාවේ ඉතාලි තානාපති රීටා මැනෙල්ලා මහත්මියද අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී මුණ ගැසුනේ අද පෙරවරුවේයි.