නව අමාත්‍යවරුන් කිහිප දෙනෙක් වැඩ භාර ගනී
Related Articles
තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ තිලංග සුමතිපාල මහතා සිය ධුරයෙහි අද වැඩ භාරගත්තා.
තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේදී අමාත්‍යවරයා වැඩ භාර ගැනීම සිදු කළේ ආගමික වතාවත් මධ්‍යයේයි. රාජ්‍ය අංශයේ සිටින විශේෂඥ දැනුම සහිත සේවකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙමින් සංවර්ධනයේ නව යුගයක් ඇති කිරීමට කටයුතු කරන බවයි තිලංග සුමතිපාල මහතා මෙහිදී කියා සිටියේ.