සමෝවා රාජ්‍යයේ පැතිර යන සරම්ප රෝගයෙන් මිය ගිය පිරිස 53 දක්වා ඉහළට
Related Articles
සමෝවා රාජ්‍යයේ පැතිර යන සරම්ප රෝගයෙන් මිය ගිය පිරිස 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මිය ගිය අයගෙන් වැඩි පිරිසක් කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් සමෝවා රජය හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. රෝගය පැතිර යාම වැළැක්වීමට ජනතාවට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කර තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 4ට අඩු දරුවන්. සමෝවා ජනගහනය ලක්ෂ දෙකක් පමණ වන අතර දැනට සරම්ප රෝගීන් තුන්දහස් හත්සීයක් පමණ වාර්තා වී තිබෙනවා. ඊයේ සහ අද දිනයේදී පමණක් රෝගීන් 200 දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්. ලෝකයේ රටවල් රැසක සරම්ප රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.