fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්තල ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිටී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 13:20

වත්තල ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිටී

වත්තල ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිට තිබෙනවා.

වත්තල – හේකිත්ත මාර්ගයේ ප‍්‍රධාන ජල නළයක් අද අලුයම හදිසියේ පුපුරා යාම ඊට හේතුවයි. ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, ඇලකන්ද සහ බලගල යන ප‍්‍රදේශ වලට ජල සැපයුම ඇණහිට ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා. මීට අමතරව මරදාන පාර, වැලිඅමුණ, හැදල මාර්ගයේ කොටසකට ද ජල සැපයුම ඇණහිට ඇති බවයි ජල සම්පාදන මණ්ඩලයේ වත්තල කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්