රන්ජන්ගේ නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි
Related Articles
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව ලබන අප්‍රේල් 3වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
විනිසුරු සිසිර ද ආබෘෘ මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක මහතා ඒ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවූ බවටයි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ. එහිදී පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තුන්දෙනෙකුගේ තීන්දුව තම පාර්ශ්වයට වාසි සහගත ලෙස ලැබෙනු ඇති බවටයි රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණේ.