fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති බන්දුල ඇතුළු පිරිසක් හෙලිකොප්ටර් යානයක් නිර්මාණය කළ සිසුවා හමු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 12:16

ඇමති බන්දුල ඇතුළු පිරිසක් හෙලිකොප්ටර් යානයක් නිර්මාණය කළ සිසුවා හමු වෙයි

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක්,

හෙලිකොප්ටර් යානයක් නිර්මාණය කළ ඒ එල් තරුෂික දිලංක සිසුවා මුණ ගැසුණා.

කුරුවිට මහා විද්‍යාලයේ තාක්‍ෂණික දිනයට සමගාමීව පැවති විද්‍යා හා තාක්‍ෂණ ප්‍රදර්ශනයට සමගාමීව එම විදුහලේ 13 වන ශ්‍රේණියේ තාක්‍ෂණ විෂය හදාරණ තරුෂික දිලංක සිසුවා හෙලිකොප්ටරයක් නිර්මාණය කළා. ඒ බව අප ප්‍රවෘත්ති මගින්ද අනාවරණය කළා. මෙම සිසුවා මුණ ගැසිමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අරුණ දිසානායක යන මහත්වරුන් කටයුතු කළේ ඒ අනුවයි. නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර මහතා සහ දිලංක සිසුවාගේ දෙමව්පියන්ද එම අවස්ථාවට එක් වුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්