අටවන යෞවන චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වුණා. තරුණ නිර්මාණකරුවන් රැසක් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.
අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය එක්වයි යෞවන චිත්‍රපට උළෙල සංවිධාන කරන්නේ. මේ සදහා තරුණ නිර්මාණ කරුවන්ගේ කෙටි චිත්‍රපට 92ක් සහ වාර්තා චිත්‍රපට 21ක් වශයෙන් චිත්‍රපට 113ක් ඉදිරිපත් කර තිබුණා. ඒ අතරින් කෙටි චිත්‍රපට 14ක් සහ වාර්තා චිත්‍රපට 8ක් අවසන් වටය සදහා තෝරා ගැනුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයනත් චන්ද්‍රසිරි මහතා සහ ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.