ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි
Related Articles
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අද ආරම්භ වුණා. ඊයේ දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 03ක් දැවි ලකුණු 39ක් ලබා සිටියා. ඇඩිලේඩ්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 03ක් දැවි ලකුණු 589ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවිමට තීරණය කළා. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 302ක් රැස් කළා. සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ යසීර් ෂාහ් ලකුණු 113ක් ලබා ගත්තා.