ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් ක්රිඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියරේ තරග මේ දිනවල පැවැත්වෙනවා.
අන්තර් ක්රිඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ ශ්රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති පළමු අදියරේ තරගය ලකුනු 26ට 08ක් ලෙස ජයග්රහණය කිරිමට මහනුවර කණ්ඩායම සමත් වුනා. මහනුවර නිත්යවෙල ක්රිඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කණ්ඩායම ලකුණු 19ක් ලබා සිටියා. ශ්රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට ඒම අර්ධයේදී ලබා ගත හැකි වුයේ ලකුණු 03ක් පමණයි. දැඩි උනුසුම් මුහුණුවරක් ගත් තරගයේ දෙවන අර්ධයේදී තවත් ලකුණු 07ක් ලබා ගැනිමට මහනුවර කණ්ඩායම සමත් වුනා. ඊට උත්සාහක ගෝල දිනුමක් සහ ප්රවර්තනයක් ඇත්ලත්. ඒම අර්ධයේදී ගුවන් හමුදා කණ්ඩායම ලබා සිටියේ ලකුණු 05ක් පමණයි. මේ අතර ශ්රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 17ට 13ක් ලෙස ජයගැනිමට සීආර් ඇන්ඩ් එෆ්සී රග්බි කණ්ඩායම සමත් වුණා. කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්රිඩා සමාජ රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට සීආර් ඇන්ඩ් එෆ්සී රග්බි කණ්ඩායම ලකුණු 07ක් ලබා සිටියා. එම අර්ධයේදී ශ්රී ලංකා පොලිස් රග්බි කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 03ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී ආක්රමණශිලි තරග රටාවක නිරත වූ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රිඩකයින් ලකුණු 17ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා.