ආහාර දවනට නිෂ්පාදකයන්ට නව නීති
Related Articles
ආහාර දවටන නිෂ්පාදකයන්ට නව නීති හදුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමටයි කටයුතු කළේ.
සන්නාම නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයින්ගේ මිල, ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය එහි සඳහන් කළයුතු බවයි අධිකාරිය පවසන්නේ. නිෂ්පාදන සඳහා භාවිත කරන ලද ද්‍රව්‍ය, භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්රකාශනය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ඇතුලු කරුණු එහි ඇතුලත් වියයුතු බව ද ගැසට් නිවේදනයෙහි සඳහන්. ආහාර දවටනයක දිග සහ පළල ද ඇතුලත් කර භාෂා තුනෙන්ම සකස් ලේඛනයක් ඒවායේ අන්තර්ගත කළයුතු බවයි අධිකාරිය පවසන්නේ. ලබන වසරේ ජුනි මස පළමු වනදා සිට නව නීති කි‍්‍රයාත්මක කරනවා.