සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතෙකු වූ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වුණා.
මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසු වුණා. 1928 ජුනි 02 වනදා තංගල්ලේ දී උපන් විනී විතාරණයන් 1956 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා ගත්තා. අනතුරුව එම විශ්වවිද්‍යාලයෙන්ම ගෞරව කලා උපාධියත්, කලා විශාරද උපාධියත්, දර්ශනවේදී උපාධියත් ලැබූ ඒ මහතා 1966 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ද දර්ශනවේදී උපාධිය හිමිකර ගත්තා. සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධූරය දරමින්ද ඒ මහතා භාෂාවේ ප්රගමනයට සිය දායකත්වය ලබා දුන්නා. අභාවප්‍රාප්ත මහාචාර්ය විනී විතාරණ මහතා කෘති රැසක් ද දැයට දායාද කර තිබෙනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.