fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 09:19

පාකිස්තාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් කුරේෂි මහතා අද දිනයේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවීමට නියමිතයි.

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. ඒ මහතා පිළිගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ සිටියා.

මේ අතර පාකිස්තාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා කළා. හමුව සිදුවූයේ විදේශ අමාත්‍යාංශයේදීයි. අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතාද ඊට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්