අපොස සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූ හතකදී අද ආරම්භ වුණා.
අද ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වනදා දක්වා පැවැත්වෙනවා. ඊට මුහුණ දෙන මුළු ඇයැදුම්කරුවන් සංඛ්‍යාව 717,008 ක්. ඉන් 433,050 ක් පාසල් අයැදුම්කරුවන්. මෙවර විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද පැවැත්වෙනවා.
රත්මලාන , තංගල්ල , මාතර , හලාවත යන ප්‍රදේශවල සහ කොළඹ මැගසින් බන්ධනාගාරය , මහරගම අපේක්ෂා රෝහල , වටරැක සුනීත විද්‍යාලය මෙන්ම නේපාලයේ කත්මන්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන ස්ථානවලදීයි. අපේක්ෂා රෝහලේ දරුවන් හය දෙනෙකුද විභාගයට පෙනී සිටිනවා. සාර්ක් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන දරුවන් සඳහායි නේපාලයේදී විභාගය පැවැත්වෙන්නේ.
මේ අතර වටරැක සුනීත විද්‍යාලයේ සිසු දරුවන් පහළොස් දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. නිලධාරීන්ගේ ආශිර්වාද මැද ඔවුන් විභාගයට පෙනී සිටීම සඳහා පැමිණියා.
අයහපත් කාලගුණය හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකිනම් ළඟම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් අපේක්ෂකයින්ට හිමිවන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Do7Rlr14TUA”]