කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී පදක්කම් දිනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිවයිනට
Related Articles
ස්වීඩනයේ පැවති කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී පදක්කම් දිනු ශ්‍රී ලංකා ක්‍රිඩකයින් දිවයිනට පැමිණියා.
කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රිඩකයින් සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. ස්විඩනයේ බෝරාස් ජාත්‍යන්තර බොක්සිං කවයේ පැවති තරගාවලියට රටවල් 19ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 460 දෙනෙකු එක්ව සිටියා. එහිදි කිලෝග්‍රෑම් 81 බර පන්තිය යටතේ තරග වැදුනු යාපනය හාර්ට්ලි විද්‍යාලයේ වින්ක්නේශ්වරන් සනුජන් රිදි පදක්කමක් දිනා ගත්තා. අවසන් තරගයේ දී ඔහු හමුවේ පරාජයට පත් වුයේ ස්විඩනයේ මොහොමඩ් හැනුන් ක්‍රිඩකයායි. කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ තරග කළ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඉසුරු හංසජ සහ කිලෝග්‍රෑම් 50 බරපන්තියෙන් යටතේ තරග කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අටාබ් මන්සිලු යන ක්‍රිඩකයින් දෙදෙනා ද රිදි පදක්කම් දිනා ගැනිමට සමත් වුණා.