fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව පුරා උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2019 14:13

ඉන්දියාව පුරා උද්ඝෝෂණ

ඉන්දීය පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.

26 හැවිරිදි පශු වෛද්‍යවරිය සිය කාර්යාලයේ සිට නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දුන්නේ පසුගිය බදාදා දිනයේයි. මෙම සිද්ධිය පිළිබද අවධානය යොමු නොකිරීම හේතුවෙන් තෙලංගානා පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු වැඩ තහනමට ලක්වුණා. මේ වන විට සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් රදවා සිටින පොලිසිය ඉදිරිපිටට පැමිණි ජනතාව උද්ඝෝෂණවල නිරතවන බව සදහන්. වෛද්‍යවරිය සිරුර පුළුස්සා දමා ඇති බවට ද මෙම අපරාධකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම වෛද්‍යවරියගේ සිරුර හමුවූ ස්ථානයට යාබද ප්‍රදේශයක තිබූ තවත් කාන්තා සිරුරක් හමුවී ඇති අතර මෙම සිද්ධීන් අතර සබදතාවක් තිබේද යන්න පිළිබද පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2019 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්