නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්‍රියේ පස්කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවස තුළ 4 දෙනෙකු සිට තිබෙනවා.
ඔවුන් සොයා කළ මෙහෙයුම්වලදී මේ වන විට සිරැරු තුනක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ද මෙම මෙහෙයුම් සඳහා සහාය ලබා දෙනවා. තුන්වන සිංහ රෙජිමේන්තුව සහ රයිෆල් බලකායට අයත් පිරිස් මෙන්ම සෙසු නිලධාරීන්ද මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා.