13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පස්වරුවේ
Related Articles
13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පස්වරුවේ පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 5.45 ට නේපාලයේ කත්මන්ඩු නුවර දසරත් ක්‍රීඩාංගනයේදී සමාරම්භක උළෙල පැවැත්වෙන බවය එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ පවසන්නේ.
ශ්‍රි ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින , බංගලිදේශය සහ භූතානය ඇතුලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් , පුහුණුකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු පන්දහසක පමණ පිරිසක් මෙවර තරගාවලියට සහභාගී වනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට 567 දෙනෙකු ඇතුලත්. ඉසව් තිහක් වෙනුවෙන් තරගාවලියේදී පිරිනැමෙන මුළු පදක්කම් සංඛ්‍යාව 1115 ක්. රන් පදක්කම් 317 ක් , රිදී පදක්කම් 317 ක් සහ ලෝකඩ පදක්කම් 481 ක් ද ඊට ඇතුලත්.