ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. එච් අයි වී ආසාධනය සම්පුර්ණයෙන්ම වලක්වාලිම අරමුණු කරගනිමින් මේ වසරේ වැඩසටහන් ක්‍රියාත්මක බවයි ජාතික පුහුණුකිරීමේ භෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය ප්‍රකාශ කළේ.
මේ අතර මවගෙන් දරුවාට එච් අයි වී ඒඩ්ස් බෝ නොවන රටකට හිමි සම්මානය මෙරටට ලැබී ඇතැයි ලිංගාශි‍්‍රත රෝග සහ ඒඩ්ස් රෝගය පිළිබඳ විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාත් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. මෙම සම්මානය ලැබී ඇති දකුණු ආසියාතික රටවල් වන්නේ ශ්‍රී‍්‍ර ලංකාව හා තායිලන්තය පමණක් බව ද හතුරුසිංහ මහතා පෙන්වා දුන්නා.