අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැටලීම ක්‍රියාත්මක කෙරුණා. සැකකරුවන් පුද්ගල ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයයි.
ඔවුන් සැගව සිටි නිවස පරීක්ෂා කිරීමේ දී කඩුවක්, කේරල ගංජා මෙන්ම හෙරොයින් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් හංවැල්ල පොලීසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.