සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 4 වනදා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා. ඉදිරි මහ මැතිවරණය පිළිබදව එහිදී වැඩි අවධානයක් යොමු කිරීමටයි නියමිත. ඊට අමතරව දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා සඳහන් කළේ.