fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි තත්වය අද සිට තවත් වැඩි වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2019 09:33

වැසි තත්වය අද සිට තවත් වැඩි වෙයි

පස්වරුවේ ප‍්‍රදේශ රැසකට මිලිමීටර සියයත් 150 ත් අතර තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පස්වරු එකෙන් පසු එම තත්වය බලපාන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැඩි වශයෙන් වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මිහිදුම් සහිත තත්වයක් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මෙනෙවිය ප‍්‍රකාශ කළේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව අවධානය යොමුකළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්