පාකිස්තානය සමග පැවැත්විමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සදහා වන ශ්රී ලංකා සංචිතය අද (29) ප්රකාශයට පත් කෙරුණා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරය ලබන 12 වනදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියට එක්වන ශ්රී ලංකා සංචිතයේ ක්රීඩකයින් ලබන 08 වනදා දිවයිනෙන් පිටත්ව යන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කලේ.
කලකට පසු ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එක්කර තිබීම විශේෂත්වයක්. ඕෂධ ප්රනාන්දු , කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සදකැන් සංචිතයට ඇතුලත් සෙසු ක්රිඩකයින් වනවා.