අඩු ආදායම් ලබන ජනතාවට අඩු මිලට ජලය ලබාදිමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි්රයත්බන්දු වික්‍රම මහතා පවසනවා.
ඒ අමාත්‍යාංශයේ සහ ඊට අදාල ආයතනවල ඉහල නිලධාරින් සමඟ පැවති සාකච්චාවකට එක්වෙමින්. තාක්ෂණය සමඟ ඒකාබද්ධ වෙමින් ජල සම්පාදන ක්ෂේත්රය වැඩි දියුණු කර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ඉටුකළ යුතු බවයි ලේකම්වරයා පෙන්වා දුන්නේ.
රටේ සියලු දෙනාට නල මාර්ගික පානිය ජල පහසුකම් ලබාදිය හැකි ජාතික සැලැස්මක් සකස් කිරිම ද කාලින අවශ්‍යතාවක් බව ඔහු පෙන්වා දුන්නා.