ඇෆ්ගනිස්ථානයේ දී සිදුවූ බෝම්බ පිපිරිම සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානයට චෝදනා එල්ලවී තිබෙනවා.
ඔවුන් එහි වගකීම භාරගත යුතු බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. විවාහ උත්සවයක් සදහා සහභාගීවීමට යමින් සිටි පිරිසක් රැගතත් වෑන් රථයක් මාර්ගයේ සවිකර තිබූ බෝම්බයකට ගොදුරුවුණා. ඉන් මියගිය ගණන 15 ක්.
කුඩා ළමුන් සහ කාන්තාවන් ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.