fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපානයත් එක්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2019 15:27

මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපානයත් එක්වෙයි

මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපානයත් එක්වුණා.

දිවයිනේ උතුරු පළාතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත්කිරීමේ කාර්ය සඳහා ජපානය රුපියල් මිලියන 110ක මුදලක් මැග් සංවිධානයට ලබා දීමට තීරණය කර තිබෙනවා. එම සංවිධානය උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා. මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු කෙරුණා. ලබන වසර වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ  බලපෑමෙන් නිදහස් රටක් බවට පත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට සහාය වෙමින් ජපානය මෙම මුදල් පරිත්‍යාග කර තිබෙනවා. අවතැන් පුද්ගලයන් යළි පදිංචි කිරීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු නිදහසේ සිදු කිරීමට අවස්ථාව සැලසීම ද මේ අනුව පහසුවනු ඇති. පසුගිය වසර 5 තුළ මැග් ශ්‍රී ලංකා සංවිධානය බිම් බෝම්බ දොළොස් දහසකට අධික සංඛ්‍යාවක් ඉවත් කරන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2019 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්