උතුරු දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්වයට පත්කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
ගල්ගමුව සහ අඹන්පොළ අතරදී දුම්රියක් පීලි පැනීමෙන් ධාවනයට බලපෑම් එල්ල වුණා. යාල්දේවි සීඝ්රගාමී දුම්රියේ මැදිරි පහක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. කොළඹ සිට ධාවනය වන දුම්රිය මහව දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවයි පාලක මැදිරිය පවසන්නේ. මේ වනවිටත් එය පීලිගත කිරීමේ කටයුතු ආරම්භවී තිබෙනවා.