මාස 06කට අධික කාලයක් අක්රියව පවතින ගිණුම් ඉවත් කිරීමට ට්විටර් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ දෙසැම්බර් 11 වනදාට පෙර තම ට්විටර් ගිණුම භාවිත නොකළහොත් එම ගිණුම් ඉවත් කරන බවයි. ඒ අනුව එම ගිණුම් හිමියන්ට පෙර අනතුරු ඇඟවීමේ කෙටි පණිවිඩ යැවීමට කටයුතු කරන බවද ටිව්ටර් සමාගම පවසනවා.