තමා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිරූපය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලීමක් කළා.
අවිශ්වාසයෙන් තොරතුරු වාර්තා නොකර තමා සමඟ සාකච්ඡා කර සත්‍ය පමණක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ගොඩනැගීමේ ගමනට උදව් කරන ලෙසයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ. ඉන්දීය ජනමාධ්‍යවේදියෙකු වන නිතින් ඒ ගොකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බවට පත් කිරීමේ පරිසරය නිර්මාණය කරන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=yPyRWi_oEQ4&feature=youtu.be&fbclid=IwAR2c-GpEhuiz2xVFo-A43a_kNAY9KRHdCk6BXvtRRbDNSWkH0YIZJAjXAaU”]