යුරෝපයේ විශාලතම ඓතිහාසික නිධන් වස්තු තුන්පත් කර ඇති ජර්මනියේ ඩ්රස්ඩෙන් කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි දියමන්ති ආභරණ කට්ටල තුනක් සොරාගෙන තිබෙනවා.
එම ඓතිහාසික දියමන්ති ආභරණ කට්ටල තුනෙහිම මැණික් දියමන්ති කොටස් 37 කින් සමන්විතව තිබූ බවයි එම කෞතුකාගාර බලධාරීන් සදහන් කරන්නේ. මේ පිලිබද සීසීටීවී දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. කෞතුකාගාර බලධාරීන් සදහන් කළේ පද්මරාග, නිල්මැණික්, ඇතුළු මැණික වර්ග 10 ක් මෙම ආභරණවල අන්තර්ගතවන තිබූ බවයි. කෞතුකාගාරයේ පහලමාලයේ ජනේලයක් බිද ඊට ඇතුළු වී ඇති බවයි පරික්ෂණවලින් හෙලිව තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/bBSZklloDRQ”]