fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ සියලු සම්මන්ත‍්‍රණ මධ්‍යම රාති‍්‍රයේ සිට තහනම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 08:58

සාමාන්‍ය පෙළ සියලු සම්මන්ත‍්‍රණ මධ්‍යම රාති‍්‍රයේ සිට තහනම්

සාමාන්‍ය පෙළ විභාගයේ සියලු උපකාරක පන්ති හා සම්මන්ත‍්‍රණ අද මධ්‍යම රාති‍්‍රයේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

විභාගය ලබන 02 වනදා ආරම්භ වනවා. තහනම නොතකා කි‍්‍රයා කරන පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

එසේම මෙවර නේපාලයේ කත්මන්ඩු නුවර ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ද විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. සාර්ක් කි‍්‍රඩා උළෙල සඳහා සහභාගිවී සිටින සිසුන් කණ්ඩායමකට විභාගයට පෙනී සිටිමට පහසුකම් සැලසීම මෙහි අරමුණයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්