ඉරාකයේ උද්ඝෝෂණ තවදුරටත් ප්රචණ්ඩවී තිබෙනවා.
ඉරාකයේ බස්රා නගරයේ මාර්ගවල ටයර් පුළුස්සමින් මාර්ග අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණවල නිරත වනවා. රජයේ නිලධාරීන්ට, කාර්යාලවලට පැමිණීමට ඉඩ නොදී මාර්ග අවහිර කරමින් ඔවුන් උද්ඝෝෂණවල නිරත වන බව සඳහන්. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 3 දෙනෙකු ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි තැබීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා. ඔක්තෝබර් මස මුල සිට මේ දක්වා ඉරාකයේ උද්ඝෝෂණවලදී මිය ගිය පිරිස 330ක් පමණ වනවා.