මාතලේ සහ අනුරාධපුර දිස්ත්රික්වල බීට් වගා කරන ගොවීන්ට තම අස්වැන්න සදහා වසර 15 කට පමණ පසුව ඉහළම මිලක් ලැබී ඇති බව එම ගොවීන් පවසනවා.
බීට්රූට් කිලෝවකට රුපියල් 150 ක ඉහළ මිලක් ලැබෙන බවයි ගොවීන් ප්රකාශ කරන්නේ. මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල/ ගලේවෙල/ පල්ලෙපොල ආදී ප්රදේශවල වැඩි වශයෙන් බීට්රූට් වගා කෙරෙනවා. එමෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ගම්මාන රැසක බීට්රූට් වගාව බහුලව දැකගත හැකියි. තමන් මුහුණ පා සිටින ගැටලු රැසකට තම අස්වැන්නට ඉහළ මිලක් ලැබීමත් සමග විසදුම් ලැබී ඇති බවද ගොවීන් සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yhqwMH2GKgM”]