මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව කාර්යාල දුම්රියක් අද සිට කි්රයාත්මක වනවා. අලුයම 4.35 ට දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
එය පෙරවරු 7.16 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි. නැවත පස්වරු 5.10 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය රාතී්ර 7.44 ට මහනුවර දුම්රිය ස්ථානයට ළඟවනවා. සතියේ දින පහේම දුම්රිය ධාවනයේ යෙදවීමටයි සැලසුම් කර තිබෙන්නේ. දෙවන පන්තියේ මැදිරි තුනක් සහ පළමු පන්තියේ මැදිරි තුනක් ද ඊට ඇතුලත්. උදෑසන සහ සවස කාර්යාල වේලාවන්වල පවතින මඟී තදබදය අවම කිරීම සඳහා නව දුම්රිය යෙදවීම වැදගත් බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.