හොංකොං හි දිස්ත්රික් සභා සදහා පැවැත්වෙන ඡන්ද විමසීමට වාර්තාගත ආකාරයට ඡන්ද දායකයින් ඡන්දය ප්රකාශ කරමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ඡන්ද විමසීම වත්මන් ප්රධාන විධායක කැරී ලෑම්ගේ දේශපාලන අනාගතය කෙරෙහි විශාල වශයෙන් බලපානු ඇති බවයි විචාරකයින් පවසන්නේ. මාස 05ක කාලයක් පුරා පැවැති දේශපාලන අර්බුදවලින් පසුව හොංකොං හි මැතිවරණය පැවැත්වුණා. දිස්ත්රික් සභා සදහා නියෝජිතයින් 479 දෙනෙකු පත් කර ගැනිමට මෙම මැතිවරණය පැවැත්වෙනවා.