රත්නපුර මිඩිල් එක්ස් සහ බේරුවල ගේට් ස්ටාර්ස් අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Related Articles
ශ්රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන ඒෆ්ඒ කුසලානය සදහා පිලිමලුන් පිටුදැකිමේ පාපන්දු තරගාවලිය තවත් තරගයක් රත්නපුර මිඩිල් එක්ස් ක්රීඩා සමාජය සහ බේරුවල ගේට් ස්ටාර්ස් ක්රිඩා සමාජය අතර පැවැත්වුණා. එම තරගය නිමාවට පත් වුයේ ජය පරාජයෙන් තොරවයි.
බැද්දගාන ශ්රී ලංකා පාපන්දු ක්රිඩා සම්මේලන ක්රිඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට රත්නපුර මිඩිල් එක්ස් ක්රීඩා සමාජය සහ බේරුවල ගේට් ස්ටාර්ස් ක්රිඩා සමාජය ලකුණ බැගින් ලබා ගෙන සම තත්ත්වයේ පසු වුණා. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා. කෙසේ වෙතත් එම අර්ධයේ 50වන මිනිත්තුවේදී අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය නතර කිරිමටයි විනිසුරුවන් තීරණය කළේ.