ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා. කැළණි ගඟ දකුණ ඉවුර ව්‍යාපෘතියේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි මණ්ඩලය ප්‍රකාශ කළේ. ඒ අනුව කටුනායක, සීදූව, ජාඇල නගර සභා බලප්‍රදේශ වලටත් මාබෝල ප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවනවා. ජාඇල ප්රාදේශ්රීය සභා බලප්‍රදේශය, වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොළ, බටුවත්ත, බුලුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජය ශ්‍රී‍්‍ර ගම, පොල්ගහහේන සහ බෝයිස් ටවුන් ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.