ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ නව චූඩාමාණික්‍යය පැළදවීමේ පුණ්‍යෝත්සවය හෙට
Related Articles
ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ නව චූඩාමාණික්‍යය පැළදවීමේ පුණ්‍යෝත්සවය හෙට පස්වරුවේ පැවැත්වෙනවා.
අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් උත්සවය පස්වරු 5 ට ආරම්භ කිරීමට නියමිතයි. නව චූඩාමාණික්‍යය මේ වනවිට රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා තැන්පත් කර ඇති බවයි රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ.
නව චූඩාමාණික්‍යය සහිත කොත නිරාවරණය සිදුවන්නේ අනිද්දා පෙරවරුවේ. රුවන්වැලි මහා සෑයට නව චූඩාමාණික්‍යයක් පැළදවීම සිදුවන්නේ වසර 80 කට පසුවයි.