වයඹ දිග කෙන්යාවේ නාය යාමකින් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවන් 7 දෙනෙකු ද වන බව එරට වාර්තා සඳහන් කරනවා. පසුගිය සිකුරාදා දින සිට වයඹ දිග කෙන්යාවට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණා. මේ හේතුවෙන් උගන්ඩා කෙන්යා දේශසීමාවේ පිහිටි ගම්මානයක් වන මුයිනෝ ප්‍රදේශයේ මෙම නාය යාම සිදුව තිබෙනවා. එම ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ලවී තිබෙනවා.