ලබන තුන්වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් අවශ්‍ය පරිදි ආසන පැනවීමට කටයුතු කරන බව වේත්‍රධාරී දෙපාර්තමේන්තුව පවසනවා .
දැනට පත්කර ඇති අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් මේවන විටත් ආසන පනවා අවසන් බවයි අපකළ විමසීමකදී එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සදහන් කළේ. ඉදිරියේදී පත්කිරිමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ද ආසන පැනවීමට නියමිතයි.
සභානායක , ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වැනි තනතුරු සදහාද මෙතෙක් පත්කිරිම් සිදුකර නැහැ.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සෙසු ආසන මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත පැනවීමට සැලසුම් කර තිබෙනවා.