අබුඩාබි පන්දුවාර 10යි 10 ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (22) ආරම්භ වනවා.
පළමු අවසන් තරගය මරතා ඇරබියන්ස් කණ්ඩායම සහ කොලැන්ඩර්ස් කණ්ඩායම අතර පැවැත්විමට නියමිතයි. දෙවැනි අවසන් තරගය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති. පළමු අවසන් තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම සහ දෙවන අවසන් තරගයෙන ජය ගන්නා කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වටයේ තුන්වෙනි තරගය සදහා සුදුසුකම් ලබනවා.
එම තරගය ද අද (22) රාත්රී කාලයේදී පැවැත්වෙන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම පළමු අවසන් තරගයෙන් ජය ගත් කණ්ඩායම සමග හෙට (23) දිනයේදී තරගාවලියේ අවසන් මහා තරගය සදහා ක්රිඩා කිරිමට නියමිතයි.